දේශීය

සිසුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ විදුහල්පති රිමාන්ඩ්

පාසල් ළමුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් 05දෙනෙකු මෙම සිද්ධීයට මුහුණදී තිබුණි.

 

සිද්ධියට සම්බන්ධ අදාළ විදුහල්පතිවරයාව නාවලපිටිය පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන අද (29) නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවීර මහතා හමුවට ඉදිරිපත් කෙරුණි.

 

එහිදී නියෝග කෙරුණේ සැකකරා විදුහල්පතිවරයාව ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

 

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නාවලපිටිය පදිංචි 47 හැවිරිදි විදුහල්පතිවරයෙකි.

Related posts

තිරිඟු පිටි ප්‍රවාහනය කිරීමට දුම්රිය සේවාවක්

Mohamed Dilsad

නුවරඑළියේ ප්‍රදේශයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

පෞද්ගලික බස් රථ හිමියන්ට ලක්ෂ 3 ක මූල්‍ය පහසුකමක්

Mohamed Dilsad

Leave a Comment