විදෙස්

අමෙරිකාවේ Islamophobia උග්‍ර වෙයි

අමෙරිකාවේ වර්මොන්ට්, බර්ලින්ටන් හිදී විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකුට වෙඩි තබා තිබේ.

 

ඔවුන් පලස්තීන – අමෙරිකානු පුරවැසියන් ය.

 

පොලීසිය පැවසුවේ, ඔවුන් තිදෙනා බරපතළ තුවාල ලබා සිටියද ජීවිත බේරාගැනීමට හැකිවූ බවයි.

 

ඔවුන් අතර සිටි Hisham Awartani වෙඩි වැදීමෙන් අනතුරුව පොලීසියට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබුණි.

 

එසේම ඔහු සිය මිත්තනියට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමට සමත් වුණි.

 

“ආච්චි අම්මේ මට වෙඩි තිබ්බා,” යනුවෙන් පැවසීමට 20 හැවිරිදි හිෂාම් සමත්වූ බව සඳහන් ය.

 

මේ අතර එම වෙඩිතැබීම සම්බන්ධයෙන් 48 හැවිරිදි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව රිමාන්ඩ් කර තිබේ.

 

විචාරකයින් පවසන්නේ අමෙරිකානු සමාජය තුළ “ඉස්ලාම් භීතිකාවක්” සහ “යුදෙව් විරෝධයක්” මතුවෙමින් ඇති බවයි.

 

“Islamophobia” සහ “antisemitism” ලෙස හඳුන්වන මෙම තත්ත්වය උග්‍ර වී ඇත්තේ ඊශ්‍රායල – හමාස් ගැටුම් හේතුවෙන් බව ඔවුන් පෙන්වා දෙයි.

Related posts

බ්‍රිතාන්‍ය කැබිනට් කාර්යාලයේ අමාත්‍යවරයෙක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් ඉල්ලා අස්වෙයි…

Mohamed Dilsad

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සිසුවියන් 300 ක් පැහැරගනී

Mohamed Dilsad

Leave a Comment