දේශීය

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මාර්ගය ගැන ජනපති පැහැදිලි කරයි

ශ්‍රී ලංකීය ජාතිය ඉදිරියට ගෙනයාම සඳහා ඩිජිටල් තාක්‍ෂණයේ විභවයන් උපයෝගී කරගැනීමට කාලය එළඹ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ඒ අනුව ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ගෝලීය ක්‍රියාකාරිකයකු බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

 

ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිකරණ සමුළුව වෙත පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත.

 

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, පෙර නොවූ විරූ අභියෝග හමුවේ ශ්‍රී ලාංකිකයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ අධිෂ්ඨානය පෙන්නුම් කර ඇති බවය.

Related posts

සිනොවැක් එන්නත් මාත්‍රා මිලියනයක පරිත්‍යාගයක්

Mohamed Dilsad

සරසවි නේවාසිකාගාරයේ මළ අපද්‍රව්‍ය ඇළ ට

Mohamed Dilsad

මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment