දේශීය

ඩෙංගු මරණ 31 පනී

මේ වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31දෙනෙකු මියගොස් තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ගතවු දින දෙක තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 439 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

 

ඒ අනුව මේ වසරේ ගතවු කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 49,759 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඉන් 24,837 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

 

මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61ක් අධි ඩෙංගු අවදානම් කලාප ලෙස ද හඳුනාගෙන තිබේ.

 

 

Related posts

විපක්‍ෂ නායක ධුරයට සජිත් නම් කරයි[VIDEO]

Mohamed Dilsad

ග‍්‍රෑන්ඩ්පාස් ඩිවොස් පටුමග වසා දැමේ

Mohamed Dilsad

ටින් අංකය ගැන පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment