දේශීය

ග‍්‍රෑන්ඩ්පාස් ඩිවොස් පටුමග වසා දැමේ

(UTV |කොළඹ )  – කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් ඩිවොස් පටුමග වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

ඊට හේතුව වී ඇත්තේ මරදාන ප‍්‍රදේශයෙන් හමුවූ පසුව මියගිය කොරෝනා ආසාදිතයා සමග සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු හදුනා ගැනීමය.

එම පුද්ගලයා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරයෙකු බව ද අනාවරණ වී ඇත.

මියගිය කොරෝනා ආසාදිතයා රෝහල්ගත කර ඇත්තේ ද අදාළ නාගරික මන්තී‍්‍රවරයා විසින් බව වාර්තා වේ.

වසා දමා ඇති ඩිවොස් පටුමගේ පවුල් 200 ක් පමණ ජීවත් වන අතර එම පිරිසෙන් කිසිවෙකුටත් ඩිවෝස් පටුමගෙන් පිටතට පැමිනීමට හෝ වෙනත් ප‍්‍රදේශවලින් එම පටුමගට ඇතුළුවීම ද සෞඛ්‍ය අංශ විසින් තහනම් කර ඇත.

Related posts

විශ්වවිද්‍යාල 7ක උප කුලපති ධූර පුරප්පාඩු

Mohamed Dilsad

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හපන්නු

Mohamed Dilsad

අදත් දිවයින පුරා කලාප වශයෙන් පැය 3ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment