දේශීය

හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ හිඟ ඖෂධ මිලදී ගැනීමට යයි

දන්ත වෛද්‍ය සේවය තුළ හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

 

ප්‍රතිකාර අවශ්‍ය ඖෂධ හා උපකරණ නොමැතිවීම හේතුවෙන් ජාතික දන්ත රෝහල ඇතුළු සමස්ත රෝහල් පද්ධතියේම දන්ත සායනවල ප්‍රතිකාර බිඳ වැටෙමින් පවතින බවට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දී තිබුණි.

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේ දන්ත වෛද්‍ය සේවය පවත්වාගෙන යාමට අවශ්‍ය ඖෂධ 270ක පමණ ලැයිස්තුවක් ඉදිරිපත්වී ඇති අතර ඒවා කඩිනමින් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවය.

 

ඇතැම් පිරිස් හුවා දක්වන ආකාරයේ බරපතළ ඖෂධ හිඟයක් රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා තවදුරටත් සඳහන් කළේය.

 

කෙසේවුවද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ ඖෂධ මාෆියාව සෞඛ්‍ය අමාත්‍යංශය පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළ යුතු බවය.

 

Related posts

මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක්

Mohamed Dilsad

හෙට කොළඹට පැය 18 ක ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

IDH මංසන්ධියේ වළ වහන්න තවමත් බැරිවෙයි

Mohamed Dilsad

Leave a Comment