දේශීය

මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ති‌බේ.

 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජි. පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම ඉල්ලීම සිදුකළ බවය.

 

ලිඛිතව අදාළ ඉල්ලීම අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර තිබේ.

 

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදි අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

 

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡාවකට කැඳවීමට තීරණය කර ඇති බවය.

 

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව පැෆරල් සංවිධානය පවසයි.

 

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිටආරච්චි මහතා සඳහන් කළේ මෙමඟින් සිදුවන්නේ පළාත් පාලන ආයතනවල බලය විධායකය විසින් පාලනය කරන තත්ත්වයට පත් කරන බවය.

 

Related posts

අද සිට වැසි අඩුවන ලකුණු – නාය යෑමේ අනතුරු ඇගවීම තවදුරටත්

Mohamed Dilsad

ගතවූ මාස කිහිපයට දුම්රිය පීලිපැනීම් 109ක්

Mohamed Dilsad

දඹදිව සිට පැමිණි වන්දනාකරුවන් අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානයට

Mohamed Dilsad

Leave a Comment