දේශීය

ඝාතක පුතා කොටුවෙයි

මවක් ඝාතනය කළ බවට සැක පුතෙක් වසර 8කට පසුව අත්අඩංගුවට ගත් පුවතක් කැබිතිගොල්ලෑවෙන් වාර්තා වේ.

 

2015 වසරේ ජූනි මස 5 වන දින කැබිතිගොල්ලැව පොලිස් බලප්‍රදේශයේ අයිතියේ වැව ගම්මානයේ දී වයස අවුරුදු 50ක කාන්තාවක් වන ඩී.එස්. චන්ද්‍රාවතී යන කාන්තාව නිවස තුළ ඝාතනය කර තිබිය දී පොලීසිය විසින් සොයාගනු ලැබීය.

 

පසුව ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂණවලින් පසුව මිය ගිය කාන්තාවගේ 32 හැවිරිදි විවාහක බාල පුතාව කටුනායක යුද හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

සිය මව ඝාතනය කර වසර 8ක් සැඟව සිටි සැකකාර පුත්‍රයාව හෙට (27) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ඝාතනයට ලක්වූ කාන්තාවගේ ස්වාමියා පොලිස් නිලධාරියෙක් වන අතර ඔහු පසුගිය යුද සමයේ ත්‍රස්ත ප්‍රහාරයකින් මියගොස් තිබේ.

 

පසුව සිය දරුවන් සිව්දෙනා සමග මව අයිතිගේ වැව ගම්මානයේ ජීවත්ව ඇත.

 

සැකකාර පුත්‍රයාගෙන් තමාට නිතර හිරිහැර සිදුවන බවට මව විසින් කිහිප වතාවක් පොලීසියට පැමිණිලි කර ඇති අතර, පොලීසියෙන් අවවාද කර ඇති බව ද අනාවරණය වී තිබේ.

 

සැකකරු විසින් මවගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හෙළි වී ඇත.

Related posts

රාජ්‍ය ආයතන වෙත අද අලුත්ම චක්‍රලේඛයක්

Mohamed Dilsad

රිෆ්කාන් බදියුදීන්ට ඇප

Mohamed Dilsad

කැළණිය සරසවියේ CCTV ගැලවීමට අදාළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment