දේශීය

ගතවූ මාස කිහිපයට දුම්රිය පීලිපැනීම් 109ක්

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ දුම්රිය පිලිපැනීම් 100කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ දුම්රිය පීලිපැනීම් 109ක් සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

 

ඒ අනුව සාමාන්‍ය දුම්රිය ධාවන පථවලදී පීලිපැනීම් 50ක් ද ධාවනාගාර තුළ දී පීලිපැනීම් 59ක් ද වශයෙන් පීලිපැනීම් සිදුව තිබේ.

 

දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් “අද දෙරණ” නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, දුම්රිය මාර්ගයේ නඩුත්තු කටයුතුවල පවතින අඩුපාඩු සහ දුම්රිය මැදිරිවල පවතින දෝෂ පීලිපැනීම්වලට ප්‍රධාන හේතුව වී ඇති බවය.

 

මේ අතර මේ වසරේ ගත වූ කාලය තුළ දුම්රිය හරස් මාර්ගවල දී වාහන දුම්රියේ ගැටීමේ සිද්ධීන් 61ක් වාර්තා වී තිබේ.

 

එම අනතුරුවලින් පුද්ගල මරණ 12ක් සිදුව ඇති අතර පුද්ගලයින් 62 දෙනෙකු තුවාල ලබා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

මේ අතර දුම්රිය මාර්ගයේ දී පුද්ගලයින් දුම්රියේ ගැටීමේ සිද්ධීන් 353ක් මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ වාර්තා වී තිබේ.

 

එම අනතුරු අතර සියදිවි හානි කරගැනීමට උත්සාහ කරගැනීම්, අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයේ ගමන් කිරීම්, ජංගම දුරකථන භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව සඳහන්ය.

 

දුම්රිය මාර්ගයේ සිදුවූ අනතුරුවලින් මරණ 154ක් සිදුව ඇති අතර තුවාල ලැබු සංඛ්‍යාව 203ක් පමණ වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

CEYPETCO ඉන්ධන මිල ඉහළ දැම්මොත් බස් ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

තම ආණ්ඩුවේ වුවද කුමන තරාතිරමක තනතුරක් දරන්නෙකු වුවත් වරදක් කර ඇත්නම් ඊට ක්‍රියා මාර්ග ගන්නවා – ජනාධිපති අනුර දිසානායක

Editor O

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රතුඑළි පෙන්නයි

Mohamed Dilsad

Leave a Comment