දේශීය

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ පුවතක් අම්බලන්ගොඩ පොලිස් වසමෙන් වාර්තා වේ.

 

2005 වර්ෂයේ දී පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්‍රදේශයේ දී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් කඩු සහ පොලුවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර මිනි මැරීමට තැත්කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණයේ විභාග වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊයේ (22) චූදිතයින් සිව්දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.

 

මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයින් දෙහිවල, මොරටුව හා පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

Related posts

ආණ්ඩුව විසින් මිලියන 80,000ක ණයක් ගනී

Editor O

කොළඹ නගර සභාවේ විවෘත ඡන්දයක් නොපැවැත්වූ රාජ්‍ය නිලධාරීන්ට වැඩ වරදින හැඩක්…?

Editor O

වායු දූෂණ තත්ත්වයේ යළිත් ඉහළ යෑමක්

Mohamed Dilsad

Leave a Comment