දේශීය

වායු දූෂණ තත්ත්වයේ යළිත් ඉහළ යෑමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (11) පෙරවරුවේ වායු දූෂණ තත්ත්වය තරමක් ඉහළ මට්ටමක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

 

එහි පාරිසරික අධ්‍යයන හා සේවා අංශය සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කය හැරුණු කොට අනෙකුත් ප්‍රදේශවල සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් එල්ල විය හැකි කාලගුණික තත්වයක් අද පෙරවරුවේ පැවති බවය.

 

අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව 83ක අගයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබුණද සෙසු සැම දිස්ත්‍රික්කයකම එම අගය සියය ඉක්මවා ගොස් තිබුණි.

 

පුත්තලම නගරය තුළ එම අගය 149ක් ලෙසත් ගාල්ල, කරාපිටිය සහ පොළොන්නරුව නගරය තුළ අගය 143ක් ලෙසත් සටහන්වී ඇත.

 

කොළඹ නගරයේද එම අගය 149ක් ව ලෙස සටහන්ව තිබු අතර පසුගිය දින කිහිපයට සාපේක්ෂව කොළඹ නගරය තුළ අඳුරු පැහැ තත්වයක් පැවති බව එම සංවිධානය සඳහන් කළේය.

 

Related posts

මහවැලි අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

2020 සැමරීමට විශේෂ මුද්දරයක්

Mohamed Dilsad

ජීවන්ත පීරිස් පියතුමාට ඇප

Mohamed Dilsad

Leave a Comment