දේශීය

ජීවන්ත පීරිස් පියතුමාට ඇප

(UTV | කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.

සැකකාර පියතුමාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හෙට දින (13) ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද ඇප කොන්දේසියක් නියම කළේය.

අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට ඉකුත් ජූලි මස 09 වෙනිදා අයුතු ලෙස ඇතුල් වී අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන සම්බන්ධයෙන් මෙම පියතුමා සැකකරුවකු ලෙස නම්කර ඇතැයි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි .

ඒ අනුව නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට බාර වූ පියතුමන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ඇප මත මුදා හැරියේය.

සැකකාර පියතුමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

Related posts

ආණ්ඩුවයි – වැඩබැරි පක්ෂවල දේශපාලනඥයන් එක් වී අපට මඩ ගහනවා – විපක්ෂ නායක

Editor O

අදත් පැයක විදුලිය නෑ

Mohamed Dilsad

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment