දේශීය

ජීවන්ත පීරිස් පියතුමාට ඇප

(UTV | කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.

සැකකාර පියතුමාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හෙට දින (13) ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද ඇප කොන්දේසියක් නියම කළේය.

අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට ඉකුත් ජූලි මස 09 වෙනිදා අයුතු ලෙස ඇතුල් වී අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන සම්බන්ධයෙන් මෙම පියතුමා සැකකරුවකු ලෙස නම්කර ඇතැයි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි .

ඒ අනුව නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට බාර වූ පියතුමන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ඇප මත මුදා හැරියේය.

සැකකාර පියතුමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

Related posts

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි පිරිසට ඇප

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ලෝක සාගිනි දර්ශකයේදී ශ්‍රී ලංකාවට 64වැනි තැන

Mohamed Dilsad

Leave a Comment