දේශීය

හෙට කොළඹට පැය 18 ක ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (30) උදෑසන 9.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය රැගෙන යන නල මාර්ගයක සිදුකෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ – 02, 03,07,08,09,10 යන ප්‍රදේශවලටයි.

ඊට අමතරව කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇති.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්වන දිනය

Mohamed Dilsad

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක තනතුරු නම් කෙරේ

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment