දේශීය

IDH මංසන්ධියේ වළ වහන්න තවමත් බැරිවෙයි

අවිධිමිත් සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ජනතාව නිරන්තරයෙන් පීඩාවන්ට පත්වෙයි.

 

IDH මංසන්ධියේ ප්‍රධාන මාර්ගයේ මැද තිබූ අඩි 06ක පමණ වතුර වළකට පියා සමග යතුරුපැදියෙන් පාසල් යමින් සිටි සිසුවියක් අනපේක්ෂිත ලෙස ඇද වැටුණේ පසුගිය සැප්තැම්බර් 19 වනදාය.

 

ජාතික ජලාපවහන මණ්ඩලයට අයත් නළයක් පුපුරායෑමෙන් එම ස්ථානයේ මෙලෙස වළක් සෑදී තිබූ අතර පසුව අනාවරණය වූයේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් විසින් සිදුකළ නඩත්තු කටයුත්තකින් පසුව එම නළය පුපුරා ගොස් තිබූ බවය.

 

මාර්ගයේ නඩත්තු කටයුතු සිදුකළ ස්ථානය නිසි ක්‍රමවේදයකට අනුව සකස් නොකිරීම අනතුර සිදුවීමට හේතුවී තිබුණි.

 

මෙම අනතුර සිදුවී අද වනවිට මාසයක කාලයක් ගතවී අවසන් ය.

 

වගකිවයුත්තන් මෙම මාර්ගය යළි පිළිසකර කර ඇද්දැයි සොයා බැලීමට අද දෙරණ ඊයේ (03) එම ස්ථානයට ගියේය.

 

එහෙත් දක්නට ලැබුණේ එම ස්ථානයේ තවමත් ජලය පිරී ඇති බවය.

 

අද දෙරණ එහි පැමිණි බවට තොරතුරු ලැබුණු පසු වගකිවයුත්තන් අද අලුයම වනවිට එම ස්ථානයට ගල්කුඩු අතුරා තිබුණි.

 

දහස් ගණනක් රථවාහන මෙන්ම පදිකයින් දෛනිකව භාවිත කරන මෙම මාර්ගයට තාවකාලික පැලැස්තර වෙනුවට ස්ථීර විසඳුම් ලබාදීමට බලධාරීන් තවමත් කල්මැරීම විමතියට කරුණකි.

Related posts

රිෂාඩ් සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුස්ලිම් දේශපාලනඥයන්ගේ දැඩි කණස්සල්ල

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ ඇමති සහ නියෝජ්‍ය ඇමතිලාට වාහන 02ක් ඉන්දන ලීටර් 900ක්

Editor O

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment