විදෙස්

අමෙරිකාව මැදපෙරදිග සමග සාකච්ඡාවකට සැරසෙයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මැදපෙරදිග රටවල විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

ජෝර්දානයේදී පැවැත්වෙන එම සාකච්ඡාවට කටාර්, සෞදි, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල විදේශ අමාත්‍යවරුන් මෙන්ම පලස්තීන නියෝජිතයෙකු ද සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.

 

ගාසා තීරයේ හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත අතර එම සාකච්ඡාවට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජොර්දාන රජු හමුවීමට ද සැලසුම් කර ඇති බව සඳහන්ය.

 

ගාසා තීරයේ මානුෂිය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලීමක් සිදුකිරීම සඳහා ඊශ්‍රායලයට ගිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන් අනතුරුව එලෙස ජොර්දානයට පැමිණ තිබේ.

 

හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගත් සියලු ඊශ්‍රායල් වැසියන් මුදාහරින තෙක් සටන් විරාමයක් සඳහා එකඟ නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.

Related posts

ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවන් අතට පත් වෙයි

Mohamed Dilsad

කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙක්, අගමැති ලෙස පත්වෙයි.

Editor O

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ රත්‍රං උස්සපු හොරු

Mohamed Dilsad

Leave a Comment