දේශීය

සාගර කාරියවසම් ට අලුත් තනතුරක්

රටේ මුල්‍ය බංකොලොත්භාවය පිළිබඳව සොයාබැලීම සඳහා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

 

අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ කථානායකවරයා මේ පිළිබඳව දැනුම් දුන් අතර ඊට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රතිචාර දැක්විය.

 

“රට බංකොලොත් වුණේ කොහොමද හොයන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් පත්කරන එක පිළිගන්න බෑ. මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්…”

 

එහි දී අදහස් දැක්වු අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා,

 

“මම කනගාටුවෙනවා මේ වගේ පරිනත දේශපාලනඥයෙක් මේ වගේ ගොන් කතාවක් කිව්ව එක ගැන. මේ හැම ආණ්ඩුවක්ම වගකියන්න ඕනේ බංකොලොත්භාවයට. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි.”

 

කෙසේ වෙතත් කථානායකවරයා පැවසුවේ තම ස්ථාවරයේ වෙනසක් සිදුනොකරන බවය.

Related posts

ඇවන්ගාර්ඩ් සභාපති අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟයක්

Mohamed Dilsad

කටාර්හි සේවය කල ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

Mohamed Dilsad

Leave a Comment