දේශීය

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය සිකුරාදා

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව ලබන සිකුරාදා දිනයේ තීරණයක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.

 

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේ, කොමිසන් සභාව ලබන 30 වන සිකුරාදා දිනයේ රැස්වී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවය.

 

ජුලි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති අතර ඊට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබුණි.

 

එම කටයුතු ඊයේ (27) දිනයෙන් අවසන් කෙරුණු අතර මේ වන විට එම අදහස් හා යෝජනා කොමිසම් සභාව විසින් සමාලෝචනය කරමින් සිටින බව උපයෝගීතා කොමිසම පැවසුවේය.

Related posts

කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළට

Mohamed Dilsad

නිරෝධායන මධ්‍යස්ථානවල පවා ඡන්ද විමසීම

Mohamed Dilsad

අවුරුදු සමයේ දී කොවිඩ් තෙවන රැල්ලක් ඇතිවීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment