දේශීය

මනුෂ්‍ය ඝාතනයක්

නිට්ටඹුව පොලිස් වසමේ වලව්වත්ත සත්ත්ව ගොවිපොළක පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

එසේ මියගොස් ඇත්‌තේ, වයස අවුරුදු 42ක් පමණ වන අයෙකු වන අතර පදිංචි ස්ථානයක් නිෂ්චිතව තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

 

මරණකරු කොළඹ ප්‍රදේශයේ සිට මෙම සත්ත්ව ගොවිපොළේ සේවය කිරීම සඳහා පැමිණ ඇත.

 

ඔහු ඊයේ (26) අලුයම් කාලයේදී ගොවිපොළේ සේවකයෙකුගේ ජංගම දුරකථනය, ග්‍රයින්ඩරයක්, අතුණ දේපල සොරකම් කර පළායාමට උත්සාහ කිරීමේදී එහි සේවකයින් දෙදෙනෙකු විසින් අල්ලාගෙන පහරදී කණුවක ගැටගසා තිබේ.

 

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා නිට්ටඹුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අගමැති හරිනි මැතිවරණ නීතිය උල්ලංඝනය කරලා..? – සමගි ජනබලවේගය සහ පැෆරල් සංවිධානයෙන් කොමිෂමට පැමිණිලි

Editor O

ගංජා ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

ඉදිරි සති දෙක ඉන්දියාවට සමාන විය හැකියි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment