දේශීය

තවත් විදෙස් ගමන් වංචාවක්

කැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කරන ලද පුද්ගලයෙකු සහ කාන්තාවන් 5දෙනෙක් අත්අඩංගුවට ගෙන ති‌බේ.

 

එම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යංශය වෙත පැමිණිලි කිහිපයක් ලැබී තිබුණි.

 

ඒ අනුව, විමර්ශන සිදුකර කොටුව අධිකරයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (26) කඩවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලැබූ ව්‍යාජ ලේඛන මධ්‍යස්ථානයක් සෝදිසි කර ඇත.

 

එහිදී පරිගණක යන්ත්‍ර 03ක්, ලැප්ටොප් 03ක්, මුද්‍රණ යන්ත්‍ර 04ක්, ස්කෑන් යන්ත්‍ර 01ක්, ව්‍යාජ තැන්පතු සහතික, ගිණුම් ප්‍රකාශ, විවිධ පාස් පොත්, තානාපති කාර්යාලය වෙත යැවීමට සකස් කර තිබූ වත්කම් සම්බන්ධ ලේඛන, විවිධ නිල මුද්‍රා සහ මුදලින් රුපියල් 1,187,130ක් සමග සැකකරුවෙක් හා සැකකාරියන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

එසේ අත්අඩංගුවට ගස් සැකකරුවන් වයස අවුරුදු 68ක් වන සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරියන් වයස අවුරුදු 47,45,31,28 හා 23ක් වන වත්තල, රාගම හා කැලණිය ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය පවසයි.

 

මොවුන් විසින් වීසා ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ගේ නමින් විවිධ වත්කම් ප්‍රකාශන, ස්ථාවර තැන්පතු සහතික හා ගිණුම් ප්‍රකාශක ව්‍යාජ ලිපි ශීර්ෂ යොදාගෙන නිකුත් කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 

සැකකරු හා සැකකාරියන් අද (27) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කොළඹ වංචා විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

බිළිඳියන් දෙදෙනෙකුගේ සිරුරු නුවරඑළියෙන් සොයාගැනේ

Mohamed Dilsad

රනිල්ගේ නිවසට CIDය යයි[UPDATE]

Mohamed Dilsad

“ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාවයේ සීමාව අහසයි”

Mohamed Dilsad

Leave a Comment