දේශීය

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසයි

යෝජිත විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.

 

ඒ අනුව අද පෙරවරු 09 සිට මධහ්න 12 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම් සභාව සඳහන් කළේය.

 

එළඹෙන ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එහිදී මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.

 

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

Related posts

දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්

Mohamed Dilsad

කොරෝනා නව ප්‍රභේදය ආසාදිතයාගේ ආශ්‍රිතයින් කිසිවෙකුත් නැහැ

Mohamed Dilsad

වනජීවී නිලධාරීන් හෙට වැඩ වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment