දේශීය

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසයි

යෝජිත විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.

 

ඒ අනුව අද පෙරවරු 09 සිට මධහ්න 12 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම් සභාව සඳහන් කළේය.

 

එළඹෙන ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එහිදී මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.

 

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

Related posts

නාපානේ පේමසිරි මහා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් හෙට රථවාහන සැලැස්මක් [RELEASE]

Mohamed Dilsad

‘හතේ අපේ පොත’ ග්‍රන්ථය පිළිබද අවසන් තීරණය ලබන 21 වැනිදා

Mohamed Dilsad

වාහන ආනයනයේදී අයකරන බදු මෙන්න

Editor O

Leave a Comment