විදෙස්

වැග්නර් ට එරෙහිව පුටින් වැඩ අරඹයි

කැරැල්ලට සම්බන්ධ වැග්නර් නායකයන්ට නීතිය ක්‍රියාත්මක කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පවසයි.

 

එහෙත් සාමාන්‍ය වැග්නර් හමුදා සාමාජිකයින් දේශප්‍රේමීන් බව සඳහන් කළ ජනාධිපතිවරයා ඔවුන්ට හමුදාවට බැඳීමට, බෙලරූස් වෙත යෑමට හෝ නැවත නිවසට යෑමට අවසර ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.

 

පසුගිය සති අන්තයේදී රුසියානු නගරයක් අල්ලා ගත් වැග්නර් හමුදාව මොස්කව් බලා පිටත්ව ගිය අතර බෙලරූස් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ඔවුන් එම ගමන අත්හැර එම රාජ්‍ය වෙත ගමන් කිරීමට පියවර ගත්තේය.

 

මේ අතර වැග්නර් කුලී හමුදා ප්‍රධානී ඉයුජිනි ප්‍රිගොෂින් මේ වන විට සැඟව සිටින බව වාර්තා වේ

Related posts

ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් 35 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

නෙදර්ලන්තයේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක්

Mohamed Dilsad

චීනයට තවත් වෛරසයකින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment