දේශීය

නොසැලකිල්ල තිදෙනෙකුට දිවි අහිමි කරයි

ප්‍රදේශ 03කදී සිදුවූ රිය අනතුරුවලින් කුඩා බිළිඳෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

 

පොලීසිය සඳහන් කළේ රිදීමාලියද්ද ඩී 01 ඇළ ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන එක් අනතුරක් සිදුවී තිබූ බවය.

 

එහිදී යතුරුපැදිය පෙරළීයෑමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිකරු, එහි ගමන් කළ බිරිඳ සහ කුඩා දරුවා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු අවුරුදු දෙකහමාරක් වයසැති දරුවා මියගොස් ඇති බවය.

 

එමෙන්ම දඹගල්ල කළුගහඅරාව ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ලොරි රථයේ ගමන් කළ තිදෙනෙකු තුවාල ලබා දඹගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් ඇත.

 

මියගොස් ඇත්තේ 26 හැවිරිදි බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මේ අතර, මිරිහාන දෙල්කඳ – රත්නපිටිය පරණ කැස්බෑව මාර්ගයේදී යතුරුපැදියක ගැටී 82 හැවිරිදි පුද්ගලයෙකු ද මියගොස් ඇති බව පොලීසිය පවසයි

Related posts

පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බහාලුම් ගැන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

ගෑස් සිලින්ඩරවල සංයුතිය ගැන රසායනාගාර වාර්තාව අද පස්වරුවේ

Mohamed Dilsad

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු CID හමුවට

Mohamed Dilsad

Leave a Comment