දේශීය

අල්ලස් ගත් ලොක්කෝ දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 4ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් අවිස්සාවේල්ල නගර සභාවේ වැඩබලන ලේකම් සහ ආදායම් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත අදාළ නිලධාරීන් දෙදෙනාව අද (23) දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

පැමිණිලිකරුගේ ව්‍යාපාරික හවුල්කාරියට හිමිවිය යුතු අවිස්සාවේල්ල බස් නැවතුම් පොළේ නව වෙළෙඳ සංකීර්ණයේ කඩකාමරයේ උරුමය පවරා දීමටත් ඇයගෙන් පසු එම කඩකාමරයේ උරුමය පැමිණිලිකරු වෙත පවරාදීම යන කරුණු ඉක්මනින් සිදුකර ගැනීම සඳහා අදාළ අල්ලස් මුදල ලබාගෙන තිබේ.

 

අවිස්සාවේල්ල නගර සභාව තුළදී අදාළ අල්ලස් මුදල ලබාගැනීමේ දී නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට පත්වී ඇත.

 

මූලික විමර්ශනවලින් අනතුරුව සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රුවන් විජේවර්ධන පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

Mohamed Dilsad

විදේශයන්හි සිරවී සිටි පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද දිවයිනට

Mohamed Dilsad

වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් කිසිදු ඵලයක් නෑ – සමන් රත්නප්‍රිය

Mohamed Dilsad

Leave a Comment