දේශීය

මියගිය සමීපතමයින්ගෙන් සිහිවටනයක්

මියගිය සමීපතමයින්ගේ භෂ්මාවශේෂ තැම්පත් කර සිහිවටන නිපදවන කර්මාන්තශාලාවක් පිළිබඳව කටුනායක ආයෝජන කලාපයෙන් වාර්තා විය.

 

තමන්ගේ සමීපතමයින් මියගිය පසු ඔවුන්ගේ භෂ්මාවශේෂ සදාකාලික සිහිවටනයක් ලෙස තබාගැනීම ශ්‍රී ලාංකික අපට නුහුරු දෙයකි.

 

නමුත් එලෙස මානව භෂ්මාවශේෂ තැන්පත් කරන ලද ආභරණ මෙන්ම සිහිවටන පැළඳීමට යුරෝපා ජාතිකයින් කැමැත්තක් දක්වති.

 

එවන් පසුබිමක මෙම වෙළඳපොළ අවස්ථාව හඳුනාගත් RKS සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය.

 

ඒ මානව භෂ්මාවශේෂ තැන්පත් කරන ලද ආභරණ මෙන්ම සිහිවටන නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් ලෙසිනි.

 

මෙලෙස රන් සහ රිදී ස්වර්ණාභරණ හා සිහිවටන නිපදවන මෙම ආයතනය සිය නිෂ්පාදන කටයුතු සඳහා නැනෝ තාක්ෂණයද භාවිත කරන බව මෙම සමාගමේ සභාපති මෙන්ම කළමනාකරණ අධ්‍යක්ෂ රෝලන්ඩ් කාල් ෂොයිබර් මහතා පැවසුවේය.

Related posts

මහ මැතිවරණයට දින නියම වෙයි

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ සංචිත ඉළක්ක 2025 වර්ෂයේ සම්පූර්ණ කිරීමට ආණ්ඩුව ට බැහැ – උදය ගම්මන්පිල

Editor O

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බීබීසී මාධ්‍ය ආයතනයෙන් වන්දි ඉල්ලීම ට සැරසෙයි

Editor O

Leave a Comment