දේශීය

ගැටුමක් සමථ කිරීමට ගිය ලොකු නුවන් ට නොසිතූ ප්‍රහාරයක්

බටපොල බටදූව ප්‍රදේශයේ අවන්හලක දෙපිරිසක් අතර ඇතිවූ ගැටමක් දුරදිගයෑමෙන් සිදුකළ පහරදීමකදී පුද්ගලයෙකු ඝාතනය වී තිබේ.

 

පොලීසිය පැවසුවේ ඊයේ (23) රාත්‍රියේ මෙම ගැටුම සිදුවී ඇති අතර තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.

 

මෙලෙස මියගොස් ඇත්තේ නුවන් සම්පත් හෙවත් “ලොකු නුවන්” නමැති 37 හැවිරිදි කොයිතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෙම පුද්ගලයා මනුෂ්‍ය ඝාතනයකට ඇපමත සිටින අයකු බවද වාර්තා වෙයි.

 

මෙම පුද්ගලයා තවත් තිදෙනෙකු සමග බටදූව ප්‍රදේශයේ පිහිටි අවන්හලක් තුළ මත්පැන් පානය කරමින් සිටියදී ඒ අසල මත්පැන් පානය කරමින් සිටි තවත් පිරිසක් සමග මෙම ගැටුම හටගෙන ඇත.

 

මියගිය පුද්ගලයා මෙම ගැටුම සමථයට පත්කිරීමට මැදිහත්වී ඇති අතර සිද්ධියෙන් පසුව ඔහු තවදුරටත් මත්පැන් පානය කරමින් අවන්හලේ රැඳී සිට තිබේ.

 

එහිදී හෙල්මට් පැළඳ තියුණු ආයුධ රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම පුද්ගලයාව අවන්හල පිටුපස ඇති ගවගාල වෙත රැගෙනගොස් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

 

පහරදීමට සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බටපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

මේ දක්වා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵළවලින් පැහැදිලි බහුතරය අනුර කුමාරට

Editor O

වාද්දුවේ සාදයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 12ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අගමැති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී

Mohamed Dilsad

Leave a Comment