දේශීය

අගමැති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී

(UTV |අනුරාධපුරය) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගනී.

අගමැතිවරයා මෙලෙස ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශීීර්වාද ලබාගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් රුවන්වැලි සෑ රදුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුවයි.

ඉන් පසු ඔහු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ද බැහැදැක ආශීර්වාද ලබාගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

මේ අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා , බැසිල් රාජපක්ෂ මහතා , පරිසර හා වනජිවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ ,ශෙහාන් සේමසිංහ මහත්වරුන් ,හිටපු උතුරු මැද පළාත් මහ ඇමැති එස්. එම්. රංජිත් මහතා, හිටපු උතුරු මැද පළාත් අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් මෙම අවස්ථාවට එක්වූහ.

Related posts

පාරිභෝගික අධිකාරිය, සහල් තොග කඩ පරීක්ෂා කරයි.

Editor O

ජනාධිපතිවරයා, අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකාවලින් විකාශනය කරන්නේ නැහැ.

Editor O

ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැ

Mohamed Dilsad

Leave a Comment