දේශීය

අද පාර්ලිමේන්තුවේ වැඩගොඩක්

මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වු නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමු වරට අද (20) රැස්වීමට නියමිතව තිබේ.

 

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ එම කාරක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

 

එක්ස්ප්‍රස් පර්ල් හා නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු ගැන සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය දා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

 

එම ඉල්ලීමට අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරනු ලැබීය.

 

අදාළ කාරක සභාව පළමු වරට අද රැස්වීමට නියමිත බව එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේය.

 

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවද අද රැස්වීමට නියමිතව තිබේ.

 

පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය අද දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

හෙට (21) දිනයේදී ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත අතර අනිද්දා දිනයේදී ලංකා සතොස ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

 

මේ අතර මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

 

අද දිනයේදී පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

 

මේ අතර හෙට දිනයේදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන්හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්විමට නියමිතව තිබේ.

Related posts

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 61 දක්වා වැඩි කරයි

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵළ නිකුත් නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ට සහ විභාග කොමසාරිස්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Editor O

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment