දේශීය

කොළොන්නාව හෙල්ලු වෙඩිල්ල

කොළොන්නාව – ගොතටුව මාර්ගයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

 

ඊයේ (18) රාත්‍රී 8.40ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

 

වෙඩි වැදුණු පුද්ගලයා 41 හැවිරිදි ගිහාන් මධුශංක නොහොත් “රාජා” ලෙස හඳුන්වන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

 

වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු තලංගම රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර තිබේ.

 

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැත.

 

වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

එම්.කේ. ශිවාජිලිංගම්ට වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

හිජාස් හිස්බුල්ලාට ඇප

Mohamed Dilsad

පොහොට්ටුවට එජාපයේ දොර අරී! එජාපයට පණ දෙන ජනපතිගෙන් සැලසුමට අකිල වාර්තාවත් හදයි

Mohamed Dilsad

Leave a Comment