දේශීය

කොළොන්නාව හෙල්ලු වෙඩිල්ල

කොළොන්නාව – ගොතටුව මාර්ගයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

 

ඊයේ (18) රාත්‍රී 8.40ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

 

වෙඩි වැදුණු පුද්ගලයා 41 හැවිරිදි ගිහාන් මධුශංක නොහොත් “රාජා” ලෙස හඳුන්වන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

 

වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු තලංගම රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර තිබේ.

 

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැත.

 

වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මෙරට කොරෝනා ආසාධිතයන් අතර විදේශිකයන් දෙදෙනෙක්

Mohamed Dilsad

අගමැති උපදේශක ධූරයට ජයන්ත වීරසිංහ පත් කෙරේ

Mohamed Dilsad

සමගි ජනබලවේගය ට එරෙහිව රනිල් – අනුර කරන රහස් ගනුදෙනුවක් ගැන සජිත් හෙළි කරයි.

Editor O

Leave a Comment