Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජනබලවේගය ට එරෙහිව රනිල් – අනුර කරන රහස් ගනුදෙනුවක් ගැන සජිත් හෙළි කරයි.

සාමාන්‍ය ජනතාවට සලකන පොදු ජනතාවට සේවය කරන පොඩි මිනිසා රකින ආණ්ඩුවක් බිහි කිරීමට සමගි ජන බලවේගය කැපවෙන බවත්, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර පක්ෂ දෙකක් ලෙස සිටියත් එකට එකතු වී රහස් ගන්‍රදෙනු කරන කරමින් සමගි ජන බලවේගයට එරෙහිව කුමන්ත්‍රණයක් කරන බවද,  සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.මාවතගම ඊයේ (09) පැවති ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.

අනුර කුමාර උතුරට ගොස් දකුණේ අය ඔහුට ඡන්දය දෙන නිසා උතුරත් දිය යුතු යැයි පවසන බවත් මේවා දවල් හීන බවත් සඳහන් කරන සජිත් ප්‍රේමදාස මහතා, මුළු රටම මේ වනවිට සාමාන්‍ය ජනතාවට සලකන පොදු ජනතාවට සේවය කරන පොඩි මිනිසා රකින ආණ්ඩුවක් බිහි කිරීමට සමගි ජන බලවේගය කැපවෙන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. ප්‍රතිවාදීන් දෙදෙනෙක් ඉන්නවා. නමට වෙනස්. නමුත් අනියම් ආකාරයෙන් එකතුවෙලා. රටට පෙන්වනවා තමන් පක්ෂ දෙකක කියලා. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක. හැබැයි දැවැන්ත රහස් ගනුදෙනුවක් දැන් ක්‍රියාත්මක වෙනවා. මොකක්ද මේ රහස් ගනුදෙනුව. සජිත් ප්‍රේමදාස ට දිනන්න දෙන්න හොඳ නෑ. මෙච්චරකල් තිබුණු රහස් ගනුදෙනුව රනිල් වික්‍රමසිංහ ගේ කටින් එළියට ආවා. මේ ජනාධිපති අපේක්ෂකයා කියනවා එයා පරදිනවලු. හැබැයි දිනන්නේ අනුර කුමාර දිසානායකලු. අනුර කුමාර දිසානායක උතුරට ගිහිල්ලා කියනවා දකුණේ අය මට ඡන්දය දෙනවා, ඒ නිසා උතුරේ අයත් දෙන්නලු. අනුර දවල් හීන දකිනවා. යැයි ද කීවේය.

Related posts

Sri Lanka in talks for rice tranche with 3 countries

Mohamed Dilsad

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

Mohamed Dilsad

Ex-Dy. Minister Sarath Kumara Guneratne in court today

Mohamed Dilsad

Leave a Comment