විදෙස්

අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ 54ක් මරුට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන සෙල්සියස් අංශක 40 ඉක්ම වූ අධික උෂ්ණත්වයෙන් දින තුනක් තුළ ප්‍රාන්ත වැසියන් 54 දෙනෙකු මිය ගොස් තිබේ.

 

තවත් ප්‍රාන්ත වැසියන් 400ක් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙලෙස පුද්ගල මරණ වාර්තා වීමට යම් එක් රෝගී තත්ත්වයක් හේතු වී තිබේ ද යන්න පිළිබඳ විමර්ශනයට ලක්නව් සිට උත්තර් ප්‍රදේශ වෙත කණ්ඩායම් පැමිණ ඇති බව ද වාර්තා වේ.

 

කෙසේ වුව ද මරණ බහුතරයකට හෘදයාබාධ සහ පාචනය හේතු වී ඇති බව සඳහන්ය.

Related posts

පොප් ගායිකා කොකෝ ලී අභාවප‍්‍රාප්ත වෙයි

Mohamed Dilsad

පාකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්

Editor O

ලොව වයස්ගතම ඉබ්බා මියයයි

Mohamed Dilsad

Leave a Comment