දේශීය

පරිප්පු පාට කළ ගබඩාව වටලයි

පාරිභෝගිකයින් නොමග යවන ආකාරයෙන් පරිප්පුවල ස්වාභාවික වර්ණය වෙනස්කර වෙළෙඳපොළට යැවීම සඳහා ප්‍රති නිෂ්පාදනය කරන ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් ඊයේ (15) වටලා තිබුණි.

 

එහිදී අදාළ ගබඩාවේ තිබී මිනිස් ශරීරයට අහිතකර වර්ණකාරක යෙදවූ පරිප්පු ටොන් 4කට ආසන්න තොගයක් සොයාගත් බව එම නිලධාරීන් පැවසීය.

 

උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක ආනයනික පරිප්පු සඳහා වර්ණ ගන්වා වෙළෙඳපොළොට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබුණි.

 

ඒ අනුව එහි ගිය නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පස්වරුවේ අදාළ ස්ථානය වැටලීය.

 

එහිදී පරිප්පු වර්ණ ගන්වන අයුරු අදාළ ගබඩාවේ සේවකයෙකු විසින් අනාවරණය කළේය.

 

වැඩිදුරටත් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී පරිප්පු සඳහා වර්ණක යොදන යන්ත්‍රෝපකරණ කිහිපයක් ද සොයා ගැනීමට හැකි විය.

 

මෙම පරිප්පු ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ආනයනය කරන ඒවා බවත්, පරිප්පු ටොන් 4ක පමණ ප්‍රමාණයක් මෙහි ඇති බවත් මෙහිදී අනාවරණය විය.

 

එමෙන්ම වෙනත් පුද්ගලයෙකුගෙන් ලබාගත් පරිප්පුවලට මෙහිදී වර්ණක යොදවන අතර එලෙස සිදුකරන්නේ ව්‍යපාරිකයින්ගේ ඉල්ලීම පරිදිය.

 

එලෙස වර්ණක යොදවන්නේ පරිප්පුවල ගුණාත්මකභාවය වැඩිකර පෙන්වා පාරිභෝගිකයන් නොමගයැවීම සඳහා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

 

මිනිස් ශරීරයට අහිතකර මෙම වර්ණක පරිප්පු ඇතුළු ධාන්‍ය වර්ග සඳහා යෙදවීම ආහාර පනතෙන් මෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ද තහනම් කර තිබේ.

 

ඒ අනුව මෙහි සාම්පල ලබාගත් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් මෙම ස්ථානයට මුද්‍රා තැබීය.

 

අනතුරුව එහි තවත් ගබඩාවක් අද (16) දිනයේදීත් පරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සෝදිසි කර එහි සාම්පල ලබාගැනීමක් ද සිදුකළේය.

Related posts

අද විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

නීති විරෝධී ගෝඩා ලීටර් දස දහසක් ඇතුළු උපකරණ තොගයක් සීදුවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව 70,000 කට ආසන්න පිරිසකට

Mohamed Dilsad

Leave a Comment