දේශීය

ලබන මාසයේ සිට පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළට

(UTV | කොළඹ) – පෞද්ගලික බස්රථ පාසල් සේවා ගාස්තු සීයට විස්සකින් ඉහළ දැමූ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් සඳහා වූ ප්‍රවාහන සේවා පෞද්ගලික සංගමය නිවේදනය කරයි.

ඉන්ධන මිල ඉහළ යාම, වාහන නඩත්තු කටයුතුවල මිල ඉහළ යාම හා අමතර කොටස්වල මිල ඉහළ යාම වැනි ආර්ථික ගැටලු හමුවේ මෙම තීරණයට එළැඹුණු බවත් ගාස්තු වැඩි වීමේ උපරිමය දුර ප්‍රමාණ අනුව රුපියල් පන්සීයක් වන බවත් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් සඳහා වූ ප්‍රවාහන සේවා සංගමයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක එම්. සුසිල් ප්‍රේමරත්න මහතා පැවැසීය.

මෙම වැඩි කළ ගාස්තු අයකිරීම ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන බව පැවසීය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් 473 දෙනකුට සුවයි

Mohamed Dilsad

පදික වේදිකාවේ රථ වාහන නතරකල 287 කට පොලිසියෙන් අවවාද

Mohamed Dilsad

මන්ත්‍රී රිෂාඩ් ඇමති විමල්ට අභියෝග කරයි

Mohamed Dilsad

Leave a Comment