දේශීය

අනුරගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කර ඇත.

 

වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කර තිබේ.

 

ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.

Related posts

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම‍ ජූලි 12 සිට

Editor O

සනත් නිශාන්ත ට එරෙහිව චෝදනා ගොනුකෙරේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment