දේශීය

අනුරගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කර ඇත.

 

වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කර තිබේ.

 

ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.

Related posts

මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

ආනයනික බිත්තරයක් රුපියල් 30යි

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment