විදෙස්

රුසියාවෙන් තවත් දරුණු ප්‍රහාරයක්

යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකදී එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ කළ බව රුසියාව පවසයි.

 

යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ සපොර්ෂියා කලාපවලදී යුක්‍රේන හමුදා එල්ල කළ මහා පරිමාණ ප්‍රහාරය ව්‍යර්ථ කරමින් රුසියාව ප්‍රතිප්‍රහාර එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍ය ඉගොර් කොනෂෙංකෝ පැවසුවේය.

 

ඊට පෙරදිනයේදී ද රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන භටයින් 250 දෙනෙකු පමණ ඝාතනය කළ බව රුසියාව ප්‍රකාශ කර තිබුණි.

 

යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ඇනා මාලියා පැවසුවේ, බක්මුත් නරගයේ නැගෙනහිර ප්‍රදේශයේ යුක්‍රේන ප්‍රහාර ආරම්භ කර ඇති බ‍වය.

 

කෙසේවුව ද කාලයක් තිස්සේ යුක්‍රේනය විසින් ආරම්භ කිරීමට නියමිත මහා පරිමාණ ප්‍රතිප්‍රහාරය මේ දක්වා ආරම්භ කළේ ද යන්න පිළිබඳ තහවුරු කර නොමැතිබව ද වාර්තා වේ.

Related posts

පාසල් සිසුවෙකුට කොරෝනා වැළඳීමෙන් ප්‍රංශයේ පාසල් 7 ක් වැසෙයි

Mohamed Dilsad

යුරෝපා කලාපයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළට

Mohamed Dilsad

සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඉවත්වන්න – වෙනිසියුලානු ජනාධිපති

Mohamed Dilsad

Leave a Comment