විදෙස්

බෙංගාල ව්‍යාඝ්‍රයාගේ මරණය ගැන අලුත් කතාවක්

බෙංගාල ව්‍යාඝ්‍රයෙකු හදිසියේ මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව සූරියවැව සෆාරි උද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනිය පවසයි.

 

සෆාරි උද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනී අමිලා චින්තනී මහත්මිය පවසන්නේ එම සත්ත්වයා මියයෑමට පෙර මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසු වූ බවය.

 

සූරියවැව රිදියගම සෆාරි උද්‍යානයේ බෙංගාල ව්‍යාඝ්‍ර කලාපය බොහෝ නරඹන්නන්ගේ අවධානය දිනාගත් කලාපයකි.

 

බෙංගාල ව්‍යාඝ්‍රයින් 5දෙනෙකු එම ව්‍යාඝ්‍ර කලාපයේ දිවි ගෙවූ අතර, ඔවුන් විශේෂ අවධානයකින් රැක බලාගැනීමට සත්වෝද්‍යාන බලධාරින් කටයුතු සලසා තිබුණි.

 

පසුගියදා ඉන් එක් ව්‍යාඝ්‍රයෙක් හදිසියේ මියගොස් තිබුණේ එවන් පසුබිමකය.

Related posts

නත්තල් සමයේදී ඔස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් රැල්ලක්

Mohamed Dilsad

මෙල්බර්න් නුවර යළි විවෘත කරයි

Mohamed Dilsad

අයිෆල් කුළුණ හෙට සිට වැසේ

Mohamed Dilsad

Leave a Comment