දේශීය

බදු ලිපිගොනුව ගැන රාජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපිගොනුවක් විවෘත කිරීම තුළින් ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන බවට අදහස් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉදිරි සුබසාධන දීමනා මෙම බදු ගොනු අංකය යටතේ ලබාදීමට නියමිත බවය.

 

“2023 අයවැය ලේඛනයේ යෝජනාවක් තිබුණා අපේ රටේ අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපිගොනුවක් විවෘත කරනවා කියලා. මේකෙන් අදහස් වෙන්නේ නෑ මේ සියලුදෙනාගෙන් රජය බදු මුදලක් ගන්න යනවා කියලා. සියලුදෙනා ලියාපදිංචි කිරීමේ අරමුණ යම්කිසි නියාමනයකට ගෙන එන එක රාජ්‍ය ආදායම. සමහර අයට ඒ ලිපිගොනුව තුළින් තමයි අපි තීරණය කරන්නේ, ඔහු ලියාපදිංචි වෙන්නේ රජයෙන් දෙන ආධාරය ඔහුට ලබාදීම සිද්ධවෙන්නෙත් ඒ ලිපිගොනුවේ තොරතුරු අනුව. ඒක ලෝකයේ බොහෝ රටවල තියෙන එකක් නිකුත් වූ ගැසට් පත්‍රය එක්ක. මේ ගැසට් පත්‍රයෙන් අදහස් වෙන්නේ විශේෂයෙන් ම ජූනි මාසයේ 1 වනදා ඉඳලා මේ රටේ බදු ගෙවිය හැකි යැයි විද්‍යාමාන වෙන කැපී පෙනෙන පන්තිවලට ආරාධනා කරලා තියෙනවා කරුණාකරලා බදු ලිපිගොනුවක් විවෘත කරන්න කියලා. විශේෂයෙන් වෛද්‍යවරු, නීතිඥවරු, ඉංජිනේරු මහත්වරු වගේ කැපී පෙනෙන කණ්ඩායම් ඉන්නවා. එවැනි කණ්ඩායම් 14කට මේ ගැසට් එක නිකුත් කරලා තියෙනවා.”

Related posts

සිව්දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දෙති

Editor O

අවම කාර්ය මණ්ඩලයක් යටතේ අද සිට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා

Mohamed Dilsad

කොරෝනා වෛරසය වරායෙන් පැතිරීම වැළැක්වීමට පියවර

Mohamed Dilsad

Leave a Comment