දේශීය

යාපනයේ නැවතත් කඩු සෙල්ලම් – 3ක් අත්අඩංගුවට

යාපනය පොලිස් වසමේ, පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවලින් පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ, පසුගිය මැයි 25 වනදා සිදුව ඇති එම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයක් මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

 

ඒ අනුව එක් සැකකරුවෙක් යතුරුපැදියක් සමග යාපනය පොලිස් වසමේ දී ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණි.

 

එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ අපරාධය සඳහා යොදාගත් යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

 

එම අපරාධයට යොදාගත් කඩුවක්, මුහුණු ආවරණය කරන කළුපාට රෙදි කැබලි 4ක් වන්නාරපන්නෛයි මාර්ගයේ ලඳු කැලෑවක තිබී සොයාගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 හා 20 වයස්වල පසුවන මානිප්පායි හා කොකුවිල් ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

 

සැකකරුවන්ව අද (02) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

කංජිපානිගේ පියාට තියුණු ආයුධයකින් පහර දීමක්

Mohamed Dilsad

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන තීරණ කිහිපයක්

Mohamed Dilsad

ඔක්තෝම්බර් පළමුවැනිදා වෙනුවෙන් සත්වෝද්‍යාන ළමුන්ට සහ වැඩිහිටියන්ට නොමිලේ

Mohamed Dilsad

Leave a Comment