දේශීය

නාඳුනන මළ සිරුරක්

පානදුර සාගර මාවතේ මෝය කට අසල දුම්රිය පාලම යට ගං ඉවුරේ තිබී නාඳුන මළ සිරුරක් හමුව ති‌බේ.

 

පොලීසිය පැවසුවේ, ඊයේ (30) උදෑසන කාලයේ එම මළ සිරුර හමුව ඇති බවය.

 

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගයෙකි.

 

එම පුද්ගලයාගේ කොණ්ඩය නොමැති අතර මෘත ශරීරය හඳුනාගත නොහැකි තරමට ඉදිමී ඇති බව පොලීසිය පවසයි.

 

මළ සිරුරේ දෙපා දණ හිසෙන් පහළ කොටස නොමැති අතර කොන්දේ තුනටිය අසල තුවාල වී අති බව වාර්තා වෙයි.

 

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පානදුර දකුණු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

නැව් තොග 05ක ඉන්ධන ඇණවුමක් සිංගප්පූරු සමාගමකට

Editor O

තැපැල් ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

දිස්ත්‍රික් කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment