දේශීය

සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් සිසු සැරිය සූදානමින්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ “සිසු සැරිය” බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

 

පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා යොදවනු ලබන සිසු සැරිය බස් රථ සේවාව පාසල් නිවාඩුව ලබාදීමත් සමග නතර කිරීම සිදුවෙයි.

 

කෙසේවෙතත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.

 

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

 

මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අපේක්ෂකයින් හාරලක්ෂ 72,553දෙනෙකු පෙනීසිටීමට නියමිතව තිබේ.

 

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා බන්ධනාගාර ගත රැඳවියන් 10දෙනෙකු ද පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල්වල විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් අද (28) දිනයේ ක්‍රියාත්මක කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේය.

 

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුව ද උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු අඛණ්ඩව සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

 

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ජුනි මාසය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

 

 

Related posts

පුහු ටෙලි නාට්‍ය වෙනුවට, ඇත්ත විධායක කමිටු ක්‍රමයකට යමු

Mohamed Dilsad

සජබ මන්ත්‍රීවරුන්ගෙන් නීතිපතිට ඉල්ලීමක්

Mohamed Dilsad

ලබන වසරේ සිට පාසල් විභාග නියමිත කාලයටම

Mohamed Dilsad

Leave a Comment