දේශීය

අද අව්ව සැරයි

ප්‍රදේශ කිහිපයකට අද (28) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

 

උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ක්‍රික්ක සඳහා එම නිවේදනය නිකුත් කර ඇත.

 

උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ක්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතිණු ඇති බවට අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව ඊට වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකිය.

 

තවදුරටත් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරළීම් සිදුවිය හැකි බවටද අනතුරු අඟවයි.

Related posts

අනුර ඇතුළු මාලිමාවේ නියෝජිතයින්ට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

‘ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යොමුවිය යුතුයි’

Mohamed Dilsad

උසස් පෙළ පැවැත්වෙන දිනය පාසල් ඇරඹීමෙන් පසු

Mohamed Dilsad

Leave a Comment