දේශීය

මංගල සාරිය අතට ගත් තරුණියට නිවසේදීම ඇසිඩ් ප්‍රහාරයක්

වැලිගම, මදුරාගොඩ ප්‍රදේශයේ අද (27) පැවැත්වීමට නියමිතව තිබූ තම විවාහ උත්සවයකට සුදානම් වෙමින් සිටි මනාලියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

 

වැලිගම පොලීසිය පැවසුවේ අද අලුයම 03ට පමණ ඇයගේ නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවය.

 

බරපතළ තුවාල ලබූ තරුණිය මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

 

ප්‍රහාරයට ලක්වූ තරුණිය මීට වසර කිහිපයකට පෙර වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර පසුව දෙමාපියන්ගේ විරුද්ධත්වය මත එම සම්බන්ධතාවය නවතා දමා තිබේ.

 

පොලීසිය පැවසුවේ, එයට පළිගැනීමක් ලෙස අදාළ තරුණයා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බව අනාවරණය වී ඇති බවය.

 

අපරාධකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට කඩිනමින් පියවර ගන්නා බව වැලිගම පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

සාගර කාරියවසම් ට අලුත් තනතුරක්

Mohamed Dilsad

දේශීය පොහොර සමාගම් 02 කින් මිළදී ගැනීමටද කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 12,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment