දේශීය

6ක් ඇවිත් යුවළක් පැහැර ගනී

යුවළක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

විශේෂ කාර්ය බළකායේ ජයවර්ධනපුර කඳවුරේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබුණි.

 

පැහැරගැනීමට ලක්වූ කාන්තාව සහ පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේවය කරන දෙදෙනෙක් බව හෙළිවී ඇත.

 

ඒ අනුව පැහැරගැනීම සිදුකළ සැකකරුවන් පිරිස අතර සිටින පුද්ගලයෙකුගේ පෙම්වතිය එහි ආයෝජනය කරන ලද මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

 

පැහැරගැනීමට ලක්වූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා ඔහුන්ට තර්ජන ඇති බවට දෙමටගොඩ පොලීසියට පැමිණිලි කර පිටව යාමේදී මෙම පැහැරගැනීම සිදුකර තිබු බවද පොලීසිය කියයි.

 

පැහැරගැනීමට ලක්වී තිබුණේ වත්තල පදිංචි කාන්තාවක් සහ මාකොළ දකුණ, මාකොළ පදිංචි පුද්ගලයයෙකි.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඔ 09 සහ කොළඔ 10 ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 28ත් අතර වයස්වල පසුවන පුද්ගලයින්ය.

 

සැකකරුවන් පැමිණි පැහැරගැනීමට යොදාගත් ත්‍රීවීල් රථයක් සහ යතුරුපැදියක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දෙමට‍ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

 

 

Related posts

බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ටත් සහන යෝජනා [RELEASE]

Mohamed Dilsad

සදුදා සිට දුරගමන් දුම්රිය සේවා ඇරඹේ

Mohamed Dilsad

අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනපති රනිල් කළ කතාව

Editor O

Leave a Comment