දේශීය

ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම ගැලවෙයි

‍ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් වෙන්වී ධාවනය වී තිබේ.

 

උතුරු කළුතර සහ නොම්මර 1ක දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී එම සිදුවීම අද (09) උදෑසන සිදුව ඇති බව දුම්රිය බලධාරීන් සඳහන් කළේය.

 

දුම්රියේ එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් කිලෝමිටරයක පමණ දුරක් ධාවනය වී ඇති බව සඳහන්ය.

 

නියාමක මැදිරියේ කප්ලිමට ඉහළින් දුම්රිය එන්ජිමේ කප්ලිම පැනීම හේතුවෙන් එය සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

 

මිනිත්තු 15ක පමණ කාලයකින් පසු යළිත් දුම්රිය එන්ජිම සවිකිරිමෙන් පසු එම දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට කටයුතු කළ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

 

 

Related posts

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් 280ක්

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපලේ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment