දේශීය

ආර්ථික අර්බුදය ජයගැනීමට කළ යුතු දේ ගැන IMF පහදයි

ශ්‍රී ලංකාව මුහුණපා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් සියලුදෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙන්නේ, විදේශ ණය සහන ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති බවය.

 

කාලයක් තිස්සේ පැවති ආර්ථික ගැටලු සහ වැරදි ප්‍රතිපත්තිමය නීන්දු හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදු වූ බව පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙයි.

 

පවතින තත්ත්වයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි වසර 04 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 03ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති අතර එම දැවැන්ත ගැටලුව විසඳීමට සියලුදෙනා එක්විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

 

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම, මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීම, විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සහ ණය සහන ලබාදීම සඳහා නව ආර්ථික ප්‍රතිසංස්කරණ මේ වන විටත් රජය හඳුන්වා දී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

විශේෂයෙන් දිළිඳු සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි වැඩි අවදානයක් යොමුකළ යුතු අතර සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගතයුතු බව පීටර් බෘෘවර් මහතා පවසයි.

 

ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් හිමිවිය යුතු අතර ඒ සඳහා ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, මහජන මූල්‍ය කළමණාකරණය වැඩි දියුණු කිරීම සහ දූෂණ විරෝධී නෛතික රාමුව ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය බව සඳහන්ය.

 

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ ලබාදෙන අතර ශ්‍රී ලංකාවේ අනාගතය දීප්තිමත් කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද පීටර් බෘෘවර් මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 

Related posts

අටළුගම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටුයුතු අද

Mohamed Dilsad

කොරෝනා අසාදනයෙන් සුවය ලැබූ රෝගීන් 50 දක්වා ඉහළට

Mohamed Dilsad

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

Editor O

Leave a Comment