දේශීය

රජයට ලැබුණු පැසසුම

(UTV |කොළඹ) –  යුනිසෙෆ් සංවිධානය ලංකා රජයට ප්‍රසාදය පළ කර තිබේ.

ඒ ළමයින් සඳහා සාධාරණත්වය සහ යුක්තිය සහතික කිරීම සඳහා නීති වෙනස් කිරීමට මුල පිරීම සම්බන්ධයෙනි.

මෙරට ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නැංවීම සහ කිසිදු ළමයෙකු බන්ධනාගාර පද්ධතියට ඇතුළත් නොකරන බවට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.

ඒ සම්බන්ධයෙනුයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ලක් රජයට මෙලෙස ප්‍රසාදය පළ කර ඇත.

ළමා ප්‍රචන්ඩත්වය, අපයෝජනය, ළමා ශ්‍රමය සූරාකෑම වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්විය හැකි පුළුල් ජාතික ළමාරක්ෂණ පද්ධතියක් ගොඩනැගීමට සිය අධිකරණ පද්ධති සන්නද්ධ කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකා රජයට සහය දක්වන බව ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

Related posts

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් රක්ෂිත විසි දෙකක නාන තටාක සහිත හෝටල් ඉදිකරලා

Editor O

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි

Mohamed Dilsad

අල්ලස් ගත් නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment