Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි බිල අඩු කිරීම තව කල් යයි

විදුලිය ගාස්තු සංශෝධන කටයුත්ත සති හයකින් පමණ කල් යනු ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය නියමිත ක්‍රමවේදියට අනුව සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා ආසන්න වශයෙන් මාස එකහමාරක පමණ කාලයක් ගත වෙනු ඇතැයි සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට ඉදිරිපත් කර තිබූ යෝජනාවලිය නියමිත ක්‍රමවේදන අනුකූල නැතැයි පවසමින් යළි සකස් කර දෙන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලිඛිතව දන්වා තිබේ. ඒ සඳහා සතියක කාලයක් ලබා දෙන ලෙස මණ්ඩලය මහජන උපයෝගීතාව කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

එම නව යෝජනාවලිය අධ්‍යනය කර අනුමැතිය දීම සඳහා මාස එකහමාරක පමණ කාලයක් ගත වෙනු ඇතැයි සඳහන්.

Related posts

Sadio Mane agrees new long-term Liverpool deal

Mohamed Dilsad

National Mosquito Control Programme from today

Mohamed Dilsad

Pakistan finalises Rawalpindi, Karachi to host Tests against Sri Lanka

Mohamed Dilsad

Leave a Comment