දේශීය

අද දහවල් වන තෙක් කොළඹට ජලය අඩුවෙන්

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ රැසක ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි.

 

ඔවුන් පෙන්වා දෙන්නේ කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවල ජල සැපයුම අද දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ සිදුවන අතර උස් ස්ථානවල ජල සැපයුමට බාධා එල්ල විය හැකි බවය.

 

කොලොන්නාව ප්‍රදේශයේදී අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදා හරින නල මාර්ගයක බිඳ වැටීමක් එම තත්ත්වයට හේතු වී තිබේ.

 

අදාළ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

 

 

Related posts

පෙර පාසල් ආරම්භ කරන දිනය ප්‍රකාශ කෙරේ

Mohamed Dilsad

විශ්වාසභංගයට දින ඉල්ලා සජබ මන්ත්‍රීවරු කතානායක කාර්යාලය වටලති [VIDEO]

Mohamed Dilsad

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලී අරුක්ගොඩ

Editor O

Leave a Comment