දේශීය

මෙරට ආර්ථිකය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

 

කෙසේවෙතත් 2024 වසරේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ.

 

2022 වසරේ දී මෙරට ආර්ථික 7.8%කින් හැකිළීමට ලක්වූ අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ හා ගෙවුම් ශේෂයේ දුෂ්කරතා හේතුවෙන් එය 2023 වසරේ දී ද සියයට 3%කින් තවදුරටත් හැකිළෙනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

 

2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රකෘතිමත්වීම ආරම්භ කරනු ඇති බව ඔවුන් පවසයි.

 

2019 වසරේ දී කප්පාදු කරන ලද බදු යළි ක්‍රියාත්මක කිරීම හා මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වීම යනාදී කරුණු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ උත්සහයන්ට සහය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වාදී තිබේ.

 

වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව එලෙස දැඩි ආර්ථික අර්බුදයකට ලක්වූ අතර ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ දී නිසි ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව ඔවුන් පවසයි.

 

ආර්ථිකය යළි ප්‍රකෘත්මත්භාවයට පත්කිරීම දීර්ඝ කාලීන පියවරක් වනු ඇති අතර එම ක්‍රියාවලියේ දිළිඳු හා අවදානමට ලක්ව සිටින පිරිස් සුරක්ෂිත කිරීම ඉතා වැදගත් වන බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් මහතා පෙන්වාදී තිබේ.

Related posts

විදේශ මුදල් තැන්පත් කරන්න නව බැංකු ගිණුමක්

Mohamed Dilsad

රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment