දේශීය

රාජ්‍ය ආයතන විවෘත කිරීමට පෙර විෂබීජහරණය කරන්නැයි උපදෙස්

(UTV | කොළඹ) – රාජ්‍ය ආයතන යලි විවෘත කිරීමට පෙර එම පරිශ්‍ර විෂබීජහරණය කරන්නැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ වසා දමා තිබෙන රාජ්‍ය ආයතනවලට ඇතුලු වීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමටද පහසුකම් පිළියෙල කරන ලෙසයි.

ගර්භනියන් සහ විවිධ රෝගවලින් පෙලෙන්නන් සේවයට කැදවීමෙන් වලකින ලෙසත් පවතින අවදානම් තත්ත්වය පහව යන තෙක් රාජ්‍ය සේවයේ නියතු කාන්තාවන්ට පහසු ඇදුමක් ඇදීමට අවසර ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් මාලාවේ වැඩිදුරටත් සඳහන්.

ඔහු සඳහන් කළේ රාජ්‍ය ආයතනවල පිරිසිදු කිරීම් මින් ඉදිරියට රාජ්‍ය සේවකයින් විසින්ම සිදු කිරීමට ද පියවර ගන්නා බවයි.

 

Related posts

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සුදානම්. – අගමැති හරිනි අමරසූරිය

Editor O

කොරෝනා රෝගියා ඇසුරු කළ 400ක් නිරෝධායනයට

Mohamed Dilsad

කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment